සම්බන්ධතාව

එකමුතුකම/සබැදියාව

5 min read

වසර දහ දාහකට පමණ පෙර අපේ මුතුන් මිත්තෝ කොහොමද ජීවත් වෙන්න ඇත්තේ? Petrol නෑ – ගෑස් නෑ – supermarket නෑ – ඉස්පිරිතාල නෑ!

හැබැයි අලි, කොටි, වලස්සු – මැසි මදුරුවෝ; ඒ විතරක්ද, නියං , කුණාටු, ගංවතුර ඇතිවෙන්න තිබ්බා. මේ ප්‍රශ්නවලට ඔවුන් මුහුණ දුන්නේ කොහොමද?

ඒ කාලේ අපේ මුතුන්මිත්තෝ හිටිය කුඩා කණ්ඩායම් වශයෙන් සීයක් හෝ එකසිය පනහක පමණ පිරිසක්.

දරුවන් රැකබලා ගන්න එක, ආහාරපාන එකතු කරන එක, ස්වභාවික උවදුරුවලට මුහුණ දෙන එක.

ඒ විතරක් නෙමෙයි සතුන්ගෙන් මෙන්ම තම විරුද්ධවාදීන්ගෙන් තමන්ගේ කණ්ඩායම ආරක්ෂා කරන එක වැනි දේවල් සියල්ලම කරන්න පුළුවන් වුනේ – තමන් ගැන විතරක් නොහිතා අනුන් ගැනත් හිතපු හින්දා.

එකමුතුකම – සබැඳියාව නැති ගෝත්‍රික කණ්ඩායම් ඉබේටම විනාශයට පත් වුණා.

එකමුතුකම තමයි ජයග්‍රහණයේ රහස. ඒ කාලේ අපේ මී මුත්තෝ නොයෙකුත් බාධක හමුවේ ජීවිතය ජයග්‍රහණය කළා. ඔවුන්ට පින් සිදු වෙන්න – අද අපි මෙතන ඉන්නවා.

එකමුතුකම හින්දා දැනුත් අපි දිනනවා. 96 ලෝක කුසලානය, 2014 T20 ලෝක කුසලානය, මෑතක දී දිනාගත් cricket සහ netball ආසියානු ශූරතාවයන් ක්‍රීඩා  ක්ෂේත්‍රය තුළ එකමුතුකම පෙන්නුම් කරපු හොද  උදාහරණ.

–          සහන් ධර්මතිලක

Share

Share

YesWeCan සත් දින අභියෝගය භාරගැනීමට ඔබ සූදානම්ද?

මානසික ආතතිය අඩු කරගන්න. සතුට වැඩි කරගන්න. සුපැහැදිලි මනසකින් ලෝකයාට ඔබේ සම්පූර්ණ හැකියාවන් මුදාහරින්න සූදානම් වන්න. අදම YesWeCan අභියෝගයකට ලියාපදිංචි වී ඔබේ මානසික සුවතාවය සහ යහපැවැත්ම ඉහළ නංවා ගන්න.