හැඟීම්

හැඟීම් පාලන බුද්ධිය සහ ඔබේ ජීවිතයේ සාර්ථකත්වය 

5 min read

හැඟීම් පාලන බුද්ධිය නැතහොත්  චිත්තවේගීය බුද්ධිය යනු ආතතියෙන් මිදීමට, ඵලදායී ලෙස සන්නිවේදනය කිරීමට, අන් අය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට, අභියෝග ජය ගැනීමට සහ ගැටුම් සමනය කිරීමට ධනාත්මක ආකාරයෙන් ඔබේ හැඟීම් තේරුම් ගැනීමට, භාවිතා කිරීමට සහ කළමනාකරණය කිරීමට ඇති හැකියාවයි.

 

හැඟීම් පාලන බුද්ධිය ඔබට ශක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීමට, පාසලේ සහ රැකියාවේදී සාර්ථක වීමට සහ ඔබේ වෘත්තීය සහ පෞද්ගලික අරමුණු සාක්ෂාත් කර ගැනීමට උපකාරී වේ. ඔබේ හැඟීම් සමඟ සම්බන්ධ වීමට, සිතුවිල්ලක් ක්‍රියාවක් බවට පත් කිරීමට සහ ඔබට වඩාත්ම වැදගත් දේ පිළිබඳව දැනුවත්ව තීරණ ගැනීමට ද මෙය උපකාර වේ.

 

හැඟීම් පාලන බුද්ධිය සාමාන්‍යයෙන් නිර්වචනය කරනු ලබන්නේ ගුණාංග හතරක් මගිනි.

 

  1. ස්වයං දැනුවත්භාවය

ඔබගේ හැඟීම්, ඔබගේ සිතුවිලි වලට සහ හැසිරීම් වලට බලපාන ආකාරය, එමෙන්ම ඔබේ ශක්තීන් සහ දුර්වලතා ඔබටම හදුනාගැනීමට ඇති හැකියාව මෙයින් අදහස් කරයි.

 

2. ස්වයං කළමනාකරණය 

 

ඔබේ ආවේගශීලී හැඟීම් සහ හැසිරීම් සෞඛ්‍ය සම්පන්න ආකාරයෙන් කළමනාකරණය කිරීමට සහ වෙනස්වන තත්වයන්ට අනුවර්තනය වීමට ඔබට ඇති හැකියාව මෙමගින් අදහස් කරයි..

 

3. සමාජ දැනුවත්භාවය

 

ඔබට වෙනත් පුද්ගලයින්ගේ හැඟීම්, අවශ්‍යතා සහ උත්සුකයන් තේරුම් ගැනීමට, චිත්තවේගීය ඉඟි තේරුම් ගැනීමට ඇති හැකියාව මෙමගින් අදහස් කරයි.

 

4. සබඳතා කළමනාකරණය

 

පැහැදිලිව සන්නිවේදනය කිරීම, අන් අයව පෙලබවීමට ඇති හැකියාව, කණ්ඩායමක් තුළ හොඳින් වැඩ කිරීමට සහ ගැටුම් කළමනාකරණය කිරීමට ඇති හැකියාව මෙයින් අදහස් කරයි.

 

හැඟීම් පාලන බුද්ධිය වර්ධනය කල හැකි ආකාර 3ක්

 

හැඟීම් පාලන බුද්ධිය වර්ධනය කිරීම අඛණ්ඩ ක්‍රියාවලියකි. පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙය වෙනස් වියහැක. එසේ වුවද, පහත ක්‍රමවිධි 3 ඕනෑම අයකුට පහසුවෙන් උපයෝගී කරගත හැක.

 

1. ඔබේ හැඟීම් හදුනාගෙන ඒවා නම් කරන්න.

 

ඔබට දැන් දැනෙන හැඟීම් මොනවාද? ඔබට ඒවා නම් කළ හැකිද? ආතති සහගත තත්වයක සිටින විට, සාමාන්‍යයෙන් ඇති වන හැඟීම් මොනවාද? මෙම තත්වයක් තුළ ඔබ සාමාන්‍යයෙන් ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?

 

ප්‍රතිචාරය දීමට ප්‍රථම කෙටි විරාමයක් ගෙන දියයුතු ප්‍රතිචාරය නැවත සලකා බැලීමට ඔබට හැකිද? ඔබේ හැඟීම් නම් කිරීමට සහ ඔබේ ප්‍රතික්‍රියාශීලීත්වය සමනය කිරීමට මොහොතක් ගැනීම හැගීම් පාලන බුද්ධිය වර්ධනය කිරීමට ඇති ප්‍රථම පියවරයි.

 

2. අනිත් අයගේ අදහස් විමසන්න

 

අපගේ දුර්වලතා මෙන්ම දක්ෂතාත් අපට බොහෝ විට නොපෙනේ. එනිසා ඔබේ පවුලේ අය, ඔබේ මිතුරන් හෝ ඔබේ ව්‍යාපාර ස්ථානයේ කළමනාකරුවන්, සගයන් ගෙන් ඔබේ හැගීම් පාලන බුද්ධිය ඇගයීමට ලක් කරන්නේ කෙසේදැයි විමසන්න.

 

උදාහරණයක් ලෙස, ඔබ දුෂ්කර අවස්ථාවන්ට ප්‍රතිචාර දක්වන ආකාරය, ඔබට කෙතරම් අලුත් අවස්ථාවන්ට අනුවර්තනය වීමට හැකිද, ඔබ ගැටුම් කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුන්ගෙන් විමසන්න. එය බොහෝ විට ඔබ ඇසීමට බලාපොරොත්තු වන දේ නොවිය හැකි නමුත් එය බොහෝ විට ඔබ ඇසිය යුතු ම දේ වනු ඇත.

 

3. ගැටුම අන් අයට සමීප වීමට අවස්ථාවක් ලෙස දැකීමට ඉගෙන ගන්න.

 

මානව සබඳතා තුළදී ගැටුම් සහ එකඟ නොවීම් නොවැළැක්විය හැකිය. පුද්ගලයන් දෙදෙනෙකුට සෑම විටම එකම අවශ්‍යතා, අදහස් සහ අපේක්ෂාවන් තිබිය නොහැක. කෙසේ වෙතත්, නිර්මාණාත්මක මාර්ගවලින් ගැටුම් නිරාකරණය කිරීම මිනිසුන් අතර විශ්වාසය ශක්තිමත් කිරීමට උපකාරී වේ. ගැටුමක් තර්ජනයක් හෝ දඬුවම් කිරීමක් ලෙස නොසලකන විට, එය සබඳතා තුළ නිදහස, නිර්මාණශීලිත්වය සහ ආරක්ෂාව පෝෂණය කරයි.

 

හැගීම් පාලන බුද්ධිය වර්ධනය කරගන්න අවශ්‍ය මෙවලම් ඉගෙනගන්න www.YesWeCan.lk වෙත පිවිසෙන්න.

Share

Share

YesWeCan සත් දින අභියෝගය භාරගැනීමට ඔබ සූදානම්ද?

මානසික ආතතිය අඩු කරගන්න. සතුට වැඩි කරගන්න. සුපැහැදිලි මනසකින් ලෝකයාට ඔබේ සම්පූර්ණ හැකියාවන් මුදාහරින්න සූදානම් වන්න. අදම YesWeCan අභියෝගයකට ලියාපදිංචි වී ඔබේ මානසික සුවතාවය සහ යහපැවැත්ම ඉහළ නංවා ගන්න.