මානසික සුවතා සත් දින වැඩසටහන

වඩා හොඳ ශිෂ්‍යයෙකු, දෙමාපියෙකු, හවුල්කරුවෙකු, නායකයෙකු හෝ සම-සේවකයෙකු වීම ඔබට සිත් ඇදගන්නාසුළුද? එය එසේ නම්, ඔබ නියම ස්ථානයට පැමිණ ඇත.

ධනාත්මක මනෝවිද්‍යාව සහ ස්නායු විද්‍යාව පිළිබඳ නවතම පර්යේෂණවලින් සොයාගත් මානසික සුවතා සත් දින වැඩසටහන හා එක්ව දෛනික දැනුම සහ අභ්‍යාස ලබා ගන්න.

YesWeCan සත් දින අභියෝගය භාරගැනීමට ඔබ සූදානම්ද?

මානසික ආතතිය අඩු කරගන්න. සතුට වැඩි කරගන්න. සුපැහැදිලි මනසකින් ලෝකයාට ඔබේ සම්පූර්ණ හැකියාවන් මුදාහරින්න සූදානම් වන්න. අදම YesWeCan අභියෝගයකට ලියාපදිංචි වී ඔබේ මානසික සුවතාවය සහ යහපැවැත්ම ඉහළ නංවා ගන්න.

සරල පියවර 3 කින් ඔබේ මානසික සුවතාවය සහ යහපැවැත්ම වැඩි කරන්න!

සත් දින අභියෝගයක් තෝරන්න

ඔබගේ විද්‍යුත් තැපෑල භාවිතා කර ලියාපදිංචි වන්න

දිනපතා උපදෙස් සහ පුහුණු අභ්‍යාස ලබාගන්න.

YesWeCan සත් දින මානසික සුවතා වැඩසටහන තුලින් ඔබට ලැබෙන දේවල් වන්නේ

මානසික ආතතිය අඩු කරගන්න. සතුට වැඩි කරගන්න.සුපැහැදිලි මනසකින් ලෝකයට ඔබේ සම්පූර්ණ හැකියාවන් මුදාහරින්න සූදානම් වන්න.

දැනුවත්භාවය

දැනුවත්භාවය අපගේ මානසික සුවතාවය සහ යහපැවැත්ම සඳහා පදනම සකසනු ලබයි. ඒ නිසා පලමු දිනයේදි අපි අවධානය ලබා දෙන්නේ වර්තමාන මොහොතේ දැනුවත්භාවය වැඩි දියුණු කිරීමෙන් අපගේ ආතතිය අඩු කර මානසික ඒකාග්‍රතාවය, සහ හැගීම් පාලන කර ගන්නා ආකාරය පිලිබදවයි.

හැඟීම්

චිත්තවේගීය යහපැවැත්ම (හැගීම් පාලන බුද්ධිය) අපගේ හැඟීම් පිළිගැනීමට සහ කළමනාකරණය කිරීමට උපකාරීවනු ලබයි. ජීවිතයේ පැමිණෙන අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට, අපගේ හැඟීම් පිළිබඳව අප තුළ ඇති අවබෝධය උපකාරීවන බව දෙවන දිනයේදි අපි කතා කරනු ලබනවා.

මානව සබදතා

අපගේ නෑදෑ හිතමිතුරන්, ව්‍යාපාර ස්ථානයේ සගයන් සහ වෙනත් අය සමඟ සම්බන්ධ වීමෙන් සහ එකමුතුව වැඩකිරීමෙන් අප සතුටක් ලබා ගන්නා ආකාරය පිලිබදව කතා කිරීම ඉතා වැදගත්. මානව සබදතා මගින් ආදරය, සහයෝගය, ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරන අතර තමන්ගේ ආත්ම-වටිනාකම පවා ඉහළ නංවන ආකාරය අපි මේ දිනයේදි කතා කරනු ලබනවා.

ඔරොත්තු දීමේ හැකියාව

ජීවිතයේ පසුබෑම් මිනිසුන් වන අප සැමට පොදුයි. අප සෑම කෙනෙකුටම දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දෙන විට වේදනාව, දුක, බිය හෝ කෝපය දැනේ. ඔරොත්තු දීමේ හැකියාව මගින් අපට පසුබෑම් පිළිගැනීමට, නව යථාර්ථයට අනුවර්තනය වීමට සහ ඉදිරියට යාමට අවශ්‍ය ශක්තිය ඇති කරගන්නා ආකාරය පිලිබදවයි අපි සිව් වන දිනයේදි කතා කරන්නේ.

පරිත්‍යාගශීලීත්වය

අන් අයට උපකාර කරන විට, අපගේ මොළය “සතුටට අදාල” හෝමෝන නිකුත් කරන බව ඔබ දන්නවාද? එමනිසා, ඉතා කුඩා කරුණාවන්ත ක්‍රියාවක් මගින් හෝ අපගේ ප්‍රජාව තුළ කල ස්වේච්ඡා සේවයක් මගින් අපට අපගේ ජීවිතය ගැන සතුටක් සහ තෘප්තිමත් බවක් ලබා ගන්නේ කොහොමද කියා අපි මෙදින කතා කරමු.

අරමුණ

ආත්මාර්ථකාමී පටු අරමුණු වලට වඩා අර්ථවත් පුළුල් පරාර්ථකාමී අරමුණු දිගුකාලීන තෘප්තියක් අපට හට ලබාදීමට උපකාර වනවා. එවැනි අරමුණුක් සහිත ජීවිතයක් ගත කරන විට, නිතැතින්ම අපගේ මානසික සහ ශාරීරික යහපැවැත්මක් ඉහල නංවන ආකාරය කතා කිරීම ඉතා වැදගත්.

නායකත්වය – “ලෝකයේ දැකීමට අවශ්‍ය වෙනස ඔබ වන්න”

“ලෝකයේ දැකීමට අවශ්‍ය වෙනස ඔබ වන්න” සෑම දිනකම රැකියාවේදී, පාසලේදී හෝ නිවසේදී දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි අන් අයට මග පෙන්වනවා, නායකත්වය ලබාදෙනවා. අපගේ මානසික සුවතාවය සහ යහපැවැත්ම උදෙසා කරන ක්‍රියාකාරකම් මොනවාද කියා අවසාන දිනයේ අපි කතා කරමු.

YesWeCan සත් දින අභියෝගය සඳහා ලියාපදිංචි වන්න!

ඔබේ විද්‍යුත් තැපෑල භාවිතයෙන් ලියාපදිංචි වී ඔබේ මානසික සුවතාවය සහ යහපැවැත්ම ඉහළ නංවා ගන්න.

“මානසික සුවතා සත් දින වැඩසටහන” පාඨමාලාව සංවර්ධනය සහ ප්‍රවර්ධනය කිරීම සඳහා අප සමග එක් වී සහාය දැක්වීමට කැමති නම්, කරුණාකර අප හා විද්‍යුත් තැපෑලෙන් සම්බන්ධ වන්න – ceo@rwithin.com

ශ්‍රී ලාංකිකයින්ගේ යහපැවැත්ම ඉහළ නැංවීමට දායක වන්න ඔබත් කැමතිද?

YesWeCan හි යහපැවැත්ම ඉහළ නැංවීමේ පුහුණුකරුවෙකු වී අපගේ වැඩමුළු මෙහෙයවීමට අවස්ථාව උදාකර ගන්න!

මානව යහපැවැත්ම වැඩිදියුණු කිරීමට උපකාරී වන දැනුම බෙදාගැනීමේ කලාව සහ විද්‍යාව ප්‍රගුණ කර ගැනීමට මෙමගින් ඔබට අවස්ථාව ලැබේ.

මෑතකාලීන ලිපි